Friday, May 10, 2024

General line - 0115112241

ජිබුටිය චීන ණය ගෙවීමේ අරගලයක- ණය ආපසු ගෙවීම අත්හිටුවයි




එක් තීරයක් එක් මාවතක් වැඩසටහන යටතේ චීනය විසින් ඩොලර් බිලියන ගණනක ආයෝජන  සිදුකර ඇති  ජිබුටි රාජ්‍යය , වැඩිවන මූල්‍ය පීඩනය හේතුවෙන් එහි ප්‍රධාන ද්විපාර්ශ්වික ණයකරු වන චීනයට ණය ආපසු ගෙවීම අත්හිටුවා ඇති බව වාර්තා වේ.

රතු මුහුද සහ ඒඩන් බොක්ක ආශ්‍රිතව පිහිටි ඇති කුඩා රාජ්‍යයක් වන වන ජිබුටි, 2020 අවසානයේ බාහිර ණය හිමියන්ට ඩොලර් බිලියන 2.68 ක් ණය වී ඇති බව ලෝක බැංකු වාර්තාවල සදහන්.

ජිබුටි පිළිබඳ සිය නවතම වාර්තාවේ ලෝක බැංකුව සදහන් කර ඇත්තේ 2022 දී ජිබුටි හි ණය සේවා පිරිවැය 2021 දී පැවති ඩොලර් මිලියන 54 සිට ඩොලර් මිලියන 184 දක්වා තුන් ගුණයකින් වැඩි වී ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) 2021 අගභාගයේදී ජිබුටි හි බාහිර ණය සේවාකරණයේ තියුනු ලෙස ප්‍රක්ෂේපිත වැඩිවීම සලකා බැලීමෙන් පසුව, ජිබුටිගේ ණය තිරසාර නොවන බව ප්‍රකාශ කර තිබුණා.

ජිබුටි වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් අත්‍යවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය කිරීම සඳහා අරමුදල් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් චීනය කෙරෙහි ආකර්ෂණය වීම මෙම තත්වයට හේතුවූ බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සදහන්.