Tuesday, May 7, 2024

General line - 0115112241

පාපන්දු ලෝක කුසලානයේ තුන්වැන්නා තීරණය කරන තරඟය අද රාත්‍රියේ




පාපන්දු ලෝක කුසලානයේ තුන්වන ස්ථානය සඳහා වූ තරඟය අද පැවැත්වෙනවා. ඒ, ඉකුත් ලෝක කුසලානයේ අනුශූරයින්වූ ක්‍රොඒෂියාව හා මෙවර ලෝක කුසලානයේ පෙරළිකාරයින් වන මොරොක්කෝව අතරයි.

මෙම කණ්ඩායම් දෙක මෙවර තරඟාවලියේ මූලික වටයේදී එෆ් කාණ්ඩය යටතේ තරඟවැදුණු අතර එහිදී දෙපිල අතර පැවති තරගය පරාජයෙන් තොරව නිම වුණා. මෙවර තරඟාවලියේදී ක්‍රොඒෂියාව - කැනඩාව ගෝල 04 ට එකක් ලෙස පරාජයට පත් කළ අතර බෙල්ජියම සමඟ තරඟය නිමාවූයේ ජය පරාජයෙන් තොරවයි.

ජපානය සමඟ සුපිරි 16 දෙනාගේ වටයේ තරඟය දඬුවම් පහර මඟින් ක්‍රොඒෂියාව ජයගත්තේ ගෝල 03 ට එකක් ලෙසයි. අර්ධ අවසන්පූර්ව වටයේදී ප්‍රබල බ්‍රසීලය දඬුවම් පහර මඟින් ගෝල 04 ට දෙකක් ලෙස පරාජය කළ ක්‍රොඒශියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. එම තරඟයේ දී ආර්ජන්ටිනාව හමුවේ ගෝල 03 ට බිංදුවක් ලෙස පරාජයට පත්වීමෙන් පසුවයි ක්‍රොඒෂියාවේ ලෝක කුසලාන සිහිනය බොඳවී ගියේ. 

මෙවර තරඟාවලියේ පෙරළිකාරයින්වූ මොරොක්කෝව එෆ් කාණ්ඩයේදී ක්‍රොඒෂියාවද අභිබවා යමින් එහි පළමු තැනට පත්වුණා. එහිදී මොරොක්කෝව හමුවේ ප්‍රබල බෙල්ජියම ගෝල දෙකට බිංදුවක් ලෙසද, කැනඩාව දෙකට එකක් ලෙසද පරාජයට පත්වුණා.

සුපිරි 16 දෙනාගේ වටයේදී මොරොක්කෝ කණ්ඩායම දඬුවම් පහර මඟින් ප්‍රබල ස්පාඤ්ඤය පරාජයට පත් කළේ ගෝල 03 ට බිංදුවක් ලෙසයි.

අර්ධ අවසන් පූර්ව වටයේදී ප්‍රබල පෘතුගාලය ගෝල 01 ට බිංදුවක් ලෙස පාජයට පත්කළ මොරොක්කෝව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ එවැනි දස්කමක් දැක්වූ පළමු අප්‍රිකානු කණ්ඩායම ලෙසයි.

කෙසේවෙතත් අවසන් පූර්ව වටයේදී ප්‍රබල ප්‍රංශය හමුවේ ගෝල දෙකට බිංදුවක් ලෙස පරාජයට පත්වූ මොරොක්කෝවේ ලෝක කුසලාන ගමන අවසන් වුණා.