Wednesday, May 15, 2024

General line - 0115112241

පාපන්දු ලෝක කුසලානයේ 03 වන ස්ථානය ක්‍රොඒෂියාවට




2022  පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය අද රාත්‍රියේ පැවැත්වෙනවා. ඒ, ලොව බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ලියෝනල් මෙසී නායකත්වය දරන ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම සහ පසුගිය වර ලෝක පාපන්දු ශූරයන් වන ප්‍රබල ප්‍රංශ කණ්ඩායම අතරයි.

කණ්ඩායම් දෙකම ඉහළ දක්ෂතා දක්වා ඇති බැවින් අද පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරඟය උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවයි ක්‍රීඩා විචාරකයින් පවසන්නේ.

විශේෂයෙන් එම තරඟය ලියෝනල් මෙසී සහ කයිලන් මබාපේ අතර සටහනක් බවටද ඇතැම් විචාරකයන් පෙන්වා දෙනවා.

ආජන්ටිනාව 1978 වසරේ දී සහ 1986 වසරේදී පාපන්දු ලෝක කුසලාන දිනා ගෙන ඇති අතර ප්‍රංශය 1998 සහ 2018 යන වසර වලදී ලෝක පාපන්දු ශූරතා දිනා ගෙන තිබෙනවා. 

මේ අතර ඊයේ රාත්‍රියේ පැවති පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ තුන්වන ස්ථානය සඳහා පැවති තරඟයෙන් ක්‍රොඒෂියා කණ්ඩායම ජය ගත්තා. ඒ, ගෝල 02 ට 1 ක් ලෙස මොරොක්කෝ කණ්ඩායම පරාජයට පත් කරමින්.