Thursday, May 2, 2024

General line - 0115112241

පුටින් සංගීත කණ්ඩායමකුත් යුද්ධයට යවයි




යුද්ධය සඳහා යුක්රේනයට ගොස් සිටින හමුදාවන් සඳහා සංගීත කණ්ඩායමක් යොමු කිරීමට රුසියාව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ යුද බිමේ සිටින ඉදිරි ආරක්ෂක වළල්ල නියෝජනය කරන සෙබළුන්ගේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීම සඳහා රුසියාව මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව ගායකයින් සහ වාදකයින් යන දෙපාර්ශවයම ඒ සඳහා යොමු කිරීමට නියමිත බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ.

අදාළ සංගීත කණ්ඩායම ස්වේච්ඡාවෙන් ආරක්ෂක සේවාවට බැඳුනු පිරිසකගෙන් සමන්විත බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර යුක්රේනයේ යුධමය කලාපයේ සිටින රුසියානු ඉදිරි ආරක්ෂක වළල්ල මුණ ගැසීම සඳහා රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂෝගු යුක්රේනයට ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.