Wednesday, May 15, 2024

General line - 0115112241

දඹුල්ල ඕරා පිලට කඩුලු 4ක පහසු ජයක්




LPL ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවැති තරගයකින් පහසු ජයක් ලැබීමට දඹුල්ල ඕරා කණ්ඩායම සමත්වුණා. ඒ, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුළු 04 කින් පරාජය කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 08 ක් දැවී රැස් කළේ ලකුණු 129 ක් පමණයි. නුවනිඳු ප්‍රනාන්දු පන්දු 42 කදී නොදැවී ලකුණු 63 ක් රැස් කළා. ඒ, හතරේ පහර 03 ක් සහ හයේ පහර 05 ක්ද සමගයි. පන්දු යැවීමේදී මැතිව් ෆෝඩ් ලකුණු 11 කට කඩුළු 04 ක් දවා ගත්තා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල ඕරා කණ්ඩායම පන්දුවාර 14 යි පන්දු 02 කදී කඩුළු 06 කට ලකුණු 134 ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා.

පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද දස්කම් දැක්වූ මැතිව් ෆෝඩ් පන්දු 30 කදී ලකුණු 52 ක් රැස් කළේ හතරේ පහර 06 ක් සහ හයේ පහර 02 ක් සමගයි. ජෝඩ්න් කොක්ස් පන්දු 21 කදී ලකුණු 34 ක් රැස් කළා.තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේ මැතිව් ෆෝඩ්.