Thursday, May 2, 2024

General line - 0115112241

තලේබාන් කස පහර දිගටම




අනූව දශකයේ තලේබාන් පාලනයේ දුටු දැඩි පිළිවෙත් සිහිපත් කරමින් පසුගියදා දකුණු ඇෆ්ගනිස්ථානයේ හෙල්මන්ඩ් පළාතේ පුද්ගලයින් 20 දෙනෙකුට ප්‍රසිද්ධියේ කස පහර දී ඇති බව වාර්තාවෙනවා.

සොරකම, අනාචාරය සහ වෙනත් වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 20 දෙනෙකුට මෙලෙස කස පහර ලබා දුන් බව එරට බලධාරීන් සදහන් කළා

දකුණු හෙල්මන්ඩ් හි පළාත් අගනුවර වන ලෂ්කාර්ගාහි ක්‍රීඩාංගනයේ දී මෙම කස පහරදීම සිදු වූ බව ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙකු වන මොහොමඩ් කාසිම් රියාස් පැවසුවා.

රියාස් පවසා ඇත්තේ සෑම පුද්ගලයකුටම කස පහර 35 ත් 39 ත් අතර ප්‍රමාණයක් එල්ල කර ඇති බවත්, පළාතේ ප්‍රදේශවාසීන්, වැඩිහිටියන් සහ රජයේ නිලධාරීන් ඉදිරියේ දඬුවම් නියම කළ බවත්ය.

2021 අගෝස්තු මාසයේදී රටේ පාලනය භාරගත් දා සිට තලේබාන් සංවිධානය ෂරියා හෙවත් ඉස්ලාමීය නීතිය ක්‍රියාත්මක කළ අතර මෑතක සිට එය දැඩි කරමින් ප්‍රසිද්ධියේ මරණ දඩුවම ලබාදීම, කසපහර ලබාදීම වැනි දඩුවම් යළි ක්‍රියාවට නංවා තිබෙනවා.