Wednesday, May 1, 2024

General line - 0115112241

යුක්‍රේනයේ නගර රැසකට රුසියාවෙන් මිසයිල වරුසාවක් (VIDEO)




යුක්‍රේනයේ කිව් අගනුවර ඇතුළු නගර රැසක් ඉලක්ක කර ගනිමින් රුසියාව විසින් දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

යුක්‍රේන ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන උපදේශක Oleksiy Arestovych සඳහන් කළේ රුසියාව විසින් මිසයිල 120 කට අධික ප්‍රමාණයක් එල්ල කර ඇති බවයි.

යුක්‍රේනයේ අගනුවර වන කිව් සහ දෙවන විශාලතම නගරය කාර්කිව් මෙන්ම ලිව්වී යන නගරවල නගරාධිපතිවරුන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ රුසියානු ප්‍රහාර වලින් තම නගරවල පිපිරීම් රැසක් වාර්තා වූ බවයි.

ක්‍රෙම්ලිනය විසින් යුක්‍රේන සාම සැලැස්ම ප්‍රතික්ෂේප කිරීම හමුවේ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

අද උදෑසන රුසියාව විසින් ඩ්‍රෝන යානා උපයෝගී කර ගනිමින් ගුවනින් සහ මුහුදේ ස්ථානගත කර ඇති යුධ නෞකා උපයෝගී කර ගනිමින් මෙම මිසයිල ප්‍රහාර මාලාව එල්ල කර ඇති බවයි යුක්‍රේන ආරක්ෂක බලධාරීන් සඳහන් කර සිටින්නේ.

මේ අතර රුසියාව විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාර රැසක් යුක්‍රේනයේ මිසයිල් නාශක පද්ධතිය විසින් බිම හෙලා ඇති බව ද එරට ආරක්ෂක බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.