Sunday, April 28, 2024

General line - 0115112241

දකුණු කොරියාවේ උමං මාර්ගයක ඇතිවූ දරුණු රිය අනතුර  (PHOTOS / VIDEO)




දකුණු කොරියාවේ, Seoul අගනුවරට ආසන්න තදාසන්න ප්‍රදේශයේ පිහිටි අධිවේගී උමං මාර්ගයක තුලදී බස් රථයක් සහ ට්‍රක් රථයක් ගැටීමෙන් ඇතිවූ විශාල ගින්නක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තවත් 37 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

ගින්න පාලනය කිරීමට සිය ගණනක් ගිනි නිවන භටයන් යොදවා තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

Gwacheon හි අධිවේගී උමං මාර්ගයේ බස් රථයක් ට්‍රක් රථයක එකිනෙක ගැටීමෙන් ගින්න හටගෙන ඇති බව Gwacheon ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ.

අධිවේගී මාර්ගයේ වාහන වලින් ඇතිවන අධික ශබ්දය ඒ අවට පිහිටි ගොඩනැඟිලි වලට බාධාවක් නොවන ලෙස ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය කර ඇති උමග ඇතිවූ ගින්නත් සමග සම්පුර්ණයෙන් වැසි ගිය බවයි සිද්ධිය ඇසින් දුටුවන් සඳහන් කර සිටියේ.

සිද්ධියෙන් තුවාල ලැබූ බොහෝ දෙනා ඇතිවූ ගින්නෙන් පිළිස්සුම් තුවාල ලැබූ අයවලුන් බවයි සෞඛ්‍ය සේවකයින් සඳහන් කර ඇත්තේ.

මෙම ගින්නට හසුවීමෙන් වාහන 44ක් සම්පුර්ණයෙන් ගිනිබත්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියේ.