Sunday, April 28, 2024

General line - 0115112241

2023 නව වසරේ උදාව සැමරූ ලොව පළමු රටවල් (PHOTOS)




වසර දෙකකට අධික කාලයක් කොවිඩ් -19 වසංගතය හේතුවෙන් අත්හිටුවන ලැබූ  නව වසර පිළිගැනීමේ උත්සවය මෙවර නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව උත්සවශ්‍රීයෙන් සමරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඒ, පැසිෆික් කලාපයේ පිහිටි එම රටවලට මෙවර නව වසර උදාවීමත් සමගයි.

2023 නව වසරට එළඹුණු ලොව පළමු රටව වූ නවසීලන්තය ඕක්ලන්ඩ් නගරයේ පිහිටි වරාය පාලම මත නව වසර පිළිගැනීම උදෙසා දර්ශනීය මල් වෙඩි සංදර්ශනයක් පවත්වනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඉන් පැයකට පසුව නව වසර උදාවූ ඔස්ට්‍රේලියාව සුප්‍රකට සිඩ්නි නුවර දර්ශනීය මල් වෙඩි සංදර්ශනයක් පවත්වනු ලැබු අතර එය නැරඹීමට මිලියනයකට අධික ජනතාවක් ඒකරාශී වී සිටිය බවයි වාර්තා වන්නේ.

මේ අතර කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ලොව පුරා ප්‍රධාන මාතෘකාවක් වී සිටින චීනය නව වසර පිළිගැනීම සඳහා සිය රට වැසියන්ට මෙවර අවසරය ලබාදී තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව චීන මහා ප්‍රාකාරය දිගේ නව වසර පිළිගැනීම සඳහා මහජනතාවට ඒකරාශී වීමට අවසර ලබාදී ඇති අතර ෂැංහයි හි පිහිටි  බන්ඩ් ජලාශය ඉදිරිපිට ද මහජනතාවට එකරාශිවිමට අවසර ලබාදී ඇත. මිට අමතරව චිනයේ ෂැංහයි හි ඩිස්නිලන්තය ද ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

චීනය නව වසර පිළිගැනීම සඳහා අවසරය ලබාදී තිබුණ ද, මෙවර  ජපානය ටෝකියෝ අගනුවර පිහිටි ලෝක ප්‍රසිද්ධ ෂිබුයා හරස් මාර්ගයේ පැවැත්වෙන නව වසර උදාව ගණනය කිරීමේ උත්සවය තෙවන වසරටත් අඛණ්ඩව අත්හිටුවීමට තීරණය කර ඇත.

මේ අතර එංගලන්තය ඇතුළු යුරෝපයේ බොහෝ රටවල් නව වසර පිළිගැනීම සඳහා සුදානම් වී සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.