Sunday, April 28, 2024

General line - 0115112241

උතුරු කොරියාව බැලැස්ටික් මිසයිලයකින් නව වසරට වැඩ අරඹයි




බැලැස්ටික් මිසයිලයකින් උදාවූ නව වසරේ රාජකාරී ආරම්භ කිරීමට උතුරු කොරියානු නායක කිම් ජොන් අන් කටයුතු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ලොව පුරා ජනතාව නව වසර පිළිගැනීමට සූදානමින් සිටි ඊයේ රාත්‍රියේ උතුරු කොරියාව කෙටි දුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බවයි.

එමෙන්ම සිය න්‍යෂ්ටික ක්‍රියාකාරකම් ඉහළ දැමීමට ද උතුරු කොරියානු නායකයා එරට හමුදාවට නියෝග ලබාදී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහිදී අමෙරිකාවට සහ දකුණු කොරියාවට එරෙහිව දියත් කිරීම සඳහා නව අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් නිපදවිය යුතු බවට උතුරු කොරියානු නායකයා හමුදාවට උපදෙස් ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍යය වාර්තා කළේ.

මීට පෙර උතුරු කොරියාව ජපානය ආසන්න මුහුදු සීමාවටද මිසයිලයක් එල්ල කර තිබුණා.