Saturday, April 27, 2024

General line - 0115112241

මෙම වසර පසුගිය වසරටත් වඩා අභියෝගාත්මක බවට IMF ප්‍රධානියාගෙන් අනතුරු ඇඟවීමක්




2023 වසර පසුගිය වසරටත් වඩා සමස්ත ලෝකයටම ආර්ථිකමය වශයෙන් දැඩි දුෂ්කර වසරක් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජීයොජියේවා පවසනවා.

ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකක් පමණ මෙම වසරේ ආර්ථික අවපාතයකට ලක්වනු ඇති බවටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා අනතුරු අඟවා ඇත්තේ.

අමෙරිකාව, යුරෝපා සංගමය සහ චීනයේ ආර්ථිකය මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කිරීම ඊට හේතුව බව ඇය පෙන්වා දී තිබෙනවා.

යුක්‍රේන යුද්ධය, භාණ්ඩ මිල ඉහළ යාම, ඉහළ පොලී අනුපාත සහ චීනය තුළ නැවත වරක් කොවිඩ් ව්‍යාප්තිය ගෝලීය ආර්ථිකයට මෙම වසර තුළදී අහිතකර ලෙස බලපානු ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජීයොජියේවා පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.