Tuesday, April 30, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියානු උඩුගුවනේදී හෙලිකොප්ටර් දෙකක් එකිනෙක ගැටෙයි




ඕස්ට්‍රේලියාවේ, ගොල්ඩ් කෝස්ට් ආසන්න උඩු ගුවනේදී හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා. එම අනතුරින් තවත් පුද්ගලයින් තුන්දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ක්වීන්ස්ලන්ත පොලීසිය පවසන්නේ අනතුරට ලක්වූ එක් හෙලිකොප්ටර් යානයක් ගුවන් ගතවෙමින් තිබියදී, අනෙක් හෙලිකොප්ටර් යානය ගොඩබැස්සවීමට යාමේදී අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී පෙනී යන බවයි. 

මියගිය පුද්ගලයින් සිව්දෙනා අනතුරට ලක්වූ එක් හෙලිකොප්ටර් යානයක ගමන් කළ පුද්ගලයින් වනවා. බරපතල තුවාල ලබා ඇත්තේද එහි ගමන් ගත් තිදෙනෙක්. 

අනතුරට ලක්වූ අනෙක් හෙලිකොප්ටර් යානය හදිසි ගොඩබෑමක් සිදුකර ඇති අතර එහි සිටි පුද්ගලයින් 06 දෙනාගෙන් පස් දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

බ්‍රිස්බේන්  නගරයට දකුණින් කිලෝමීටර් 75 ක් පමණ දුරින් පිහිටි “මේන් බීච්” නමින් හැඳින්වෙන සංචාරක වෙරළ තීරයකට අදාළ හෙලිකොප්ටර් යානා කඩා වැටී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.