Tuesday, April 30, 2024

General line - 0115112241

වයසට යෑම මන්දගාමී කළ හැකි ක්‍රමයක් ගැන පර්යේෂකයින් කියයි  




හොඳින් සජලනය වන වැඩිහිටියන්ට දිගු කලක් ජීවත් වීමට මෙන්ම නිදන්ගත රෝග වැළදීමේ හැකියාව අඩුවීමෙන් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යා හැකි බව පර්යේෂකයින් අනාවරණය කර සිටිනවා.

දිනපතා ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමෙන් ‘වයසට යාම ප්‍රමාද කළ හැකි’ බවයි එම පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ. වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්11,000කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකරනු ලැබූ අධ්‍යයනයෙන් ඔවුන්ගේ රුධිරයේ සෝඩියම් මට්ටම නිරීක්ෂණය කළ අතර එය විජලනයත් සමඟ එම මට්ටම වැඩි වන බවට හෙළිවී ඇත.

සෝඩියම් මට්ටම ඉහළ මට්ටමක පවතින වැඩිහිටියන්ට හෘදයාබාධ හා ආඝාත, පෙනහළු රෝග, දියවැඩියාව සහ ඩිමෙන්ශියාව වැනි නිදන්ගත රෝග වර්ධනය වීමටත්, අඩු වයසින් මිය යාමටත් ඇති ඉඩකඩ සියයට 64කින් වැඩි බව පර්යේෂකයින් සොයා ගෙන ඇත. 

මෙම පර්යේෂණය සිදුකළ අමෙරිකානු පර්යේෂකයින් යෝජනා කළේ ජලය සීමා කිරීම හේතුවෙන් DNA වලට හානි සිදුවීම සහ ඇතිවන ආම්ලික තත්ත්වයන්  පුද්ගලයෙකු වයසට යාමේ ක්‍රියාවලිය වේගවත් කරවන බවයි.

විජලනයහේතුවෙන් පුද්ගලයින්ට කරකැවිල්ල, තෙහෙට්ටුව සහ හිසරදය ඇතුළු කෙටි කාලීන සෞඛ්‍ය ගැටළු ඇති කරයි. එමෙන්ම දිගු කාලීනව එය මලබද්ධය, වකුගඩු ගල් සහ දුර්වල සම ඇතුළු අනෙකුත් සෞඛ්‍ය ගැටළු ඇතිවීමේ අවදානම ද ඉහළ නැංවිය හැකිය.

මෙම පර්යේෂණය අනුව දෛනිකව පරිභෝජනය කළ යුතු ජලය අවශ්‍ය ප්‍රමාණය සඳහන් කර නොමැති වුවත් NHS Eatwell මාර්ගෝපදේශය අනුව වැඩිහිටි පුද්ගලයෙකු දිනකට වතුර කෝප්ප හයක් සහ අටක් අතර පානය කිරීම නිර්දේශ කර ඇත. එය ආසන්න වශයෙන් ජලය ලීටර් දෙකක් පමණ වේ.

අමෙරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතනයේ ප්‍රධාන කතුවරිය වෛද්‍ය නටාලියා දිමිත්‍රීවා පැවසුවේ: 'ප්‍රතිඵලවලින් ඇඟවෙන්නේ නිසි සජලනය වයසට යාම මන්දගාමී වන අතර රෝගවලින් තොර ජීවිතයක් දිගු කළ හැකි බවයි. පෙර අධ්‍යයනවලින් යෝජනා කරන්නේ සාමාන්‍ය සජලනය මට්ටමට වඩා අඩු වීම වයස්ගත රෝග වැඩි කිරීමට දන්නා විවිධ සාධක හේතු විය හැකි බවයි.