Thursday, April 25, 2024

General line - 0115112241

මැතිවරණය කල් දැමීම සඳහා ආණ්ඩුව තවදුරටත් උත්සාහයක - ජාතික ජනබලවේගය චෝදනා කරයි




මැතිවරණය කල් දැමීම සඳහා ආණ්ඩුව තවදුරටත් උත්සාහයක නිරත වන බව ජාතික ජනබලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කළේ මැතිවරණ කොමිසම ද මැතිවරණය කල් දැමීම සඳහා මීට පෙර කටයුතු කළ බවයි. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

පළාත් පාලන ආයතන සභිකයින් සංඛ්‍යාව සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා මෙහිදී අදහස් පළ කළා. එහිදී ඔහු පැවසුවේ සභිකයින් සංඛ්‍යාව අඩු කිරීම සඳහා ආණ්ඩුවට මීට පෙර ඕනෑ තරම් අවස්ථාව තිබූ බවයි.

රටේ පවතින ආර්ථික අර්බුදය මැද මේ මොහොතේ මැතිවරණයක් පැවැත්විය හැකිද ? 

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහභාගිවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.