Wednesday, February 5, 2025

General line - 0115112241

ක්‍රිකට්වලට සමුදෙන දිමුත් ඕස්ටේ්‍රලියාවට




ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසු තමන් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න පවසනවා.

ඊට අවශ්‍ය සුදුසුකම් සපුරාගැනීම සඳහා තමන් ඕස්ටේ්‍රලියාවට යාමේ සූදානමින් සිටින බවයි ඔහු පැවසුවේ.

ඕස්ටේ්‍රලියාවට එරෙහිව හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන  සිය අවසන් ජාත්‍යන්තර ටෙස්ට් තරඟය පිළිබඳ අදහස් දක්වමින් දිමුත් කරුණාරත්න මේ බව කියා සිටියා.

හෙට ආරම්භ වන්නේ දිමුත් කරුණාරත්නගේ 100වන ටෙස්ට් තරඟයයි.