Tuesday, April 30, 2024

General line - 0115112241

කතානායකවරයෙකු නැතිව අමෙරිකානු දේශපාලනය අර්බුදයක




අමෙරිකානු පාර්ලිමේන්තුවට කතානායකවරයෙකු තෝරා පත් කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් මේ වන විට එරට දේශපාලනය දැඩි අර්බුදයකට මුහුණපා තිබෙනවා.

ඊට හේතුවී ඇත්තේ අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක ධූරය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති අපේක්ෂක කෙවින් මැකාති 06 වන වරටත් පරාජයට පත්වීමයි.

අමෙරිකානු පාර්ලිමේන්තුවේ කතානායකවරයා තෝරා ගැනීමට නම් ඉදිරිපත්වන අපෙක්ෂකයෙකු ඡන්ද 2018 ක් ලබාගත යුතුයි. එහෙත් මැකාතිට අවස්ථා 06 දීම හිමිව ඇත්තේ 200 කට ආසන්න ඡන්ද ප්‍රමාණයක්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රිපප්ලිකන් පක්ෂයේම නියෝජිතයින් විසිදෙනෙකු මැකාතිට එරෙහිව ඡන්දය භාවිත කිරීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.

කතානායකවරයෙකු තෝරා පත්කර ගන්නා තෙක් කොන්ග්‍රසයේ කටයුතු ආරම්භ කළ නොහැති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ඉකුත්දා පැවති අමෙරිකානු මධ්‍යකාලීන මැතිවරණයේදී අමෙරිකානු පාර්ලිමේන්තුවේ බහුතරය වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් නියෝජනය කර ඩිමොක්‍රටික් පක්ෂයට අහිමි වුණා. එහිදී ඩිමොක්‍රටික් පක්ෂයට ඡන්ද 213 ක් ලැබෙද්දී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපප්ලිකන් පක්ෂය ඡන්ද 222 ක් ලබාගත්තා.