Sunday, April 28, 2024

General line - 0115112241

ව්‍යාජ බීඩි තොගයක් සමග සැකකරුවෙකු බණ්ඩාරගමදී අත්අඩංගුවට




මීගමුව ප්‍රදේශයේ බීඩි සමාගමක නිෂ්පාදනවලට  සමාන අයුරින් ව්‍යාජව නිෂ්පාදනය කළ බීඩි තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයකු බණ්ඩාරගම ප්‍රදේශයේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුත් බීඩි  පාර්සල් තිස් පහක් පොලිස් භාරයට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකු  හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ පිහිටි සිය වෙළෙඳ සැලකට එම  බීඩි තොගය සපයා ඇති බව සැකකරු පොලීසිය කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණ කර තිබෙනවා.