Sunday, April 28, 2024

General line - 0115112241

ඒජන්සි ආයතන වලට මුදල් ලබා දෙන්නේ පරිස්සමෙන් 




නිවේදනයක්  නිකුත් කරමින් ශ්‍රී ලංකා  විදේශ සේවා නියුක්ති  කාර්යාංශය සඳහන් කර ඇත්තේ  විදේශ රැකියාවකට යාමට ඒජන්සි වලට මුදල් ගෙවීමේදී  ප්‍රථමයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අදාළ තොරතුරු ලබා ගන්නා ලෙසයි.

විදෙස් රැකියාවට යාමට ඒජන්සි වලට මුදල් ලබා දීමට පෙර විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තොරතුරු මධ්‍යස්ථානය අමතා අදාළ ඒජන්සි ආනයනයේ නීත්‍යානුකූල බව තහවුරු කර ගැනීමට ඔබට හැකියාව ඇත . එමෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk යන වෙබ් අඩවියට පිවිස තොරතුරු වල සත්‍යභාවය තහවුරු කර ගත හැක.

ඩුබායි රාජ්‍යයේ රැකියා අවස්ථාවක් ලබා දෙන බවට පවසමින් තිරුක්කෝවිල්  ප්‍රදේශයේ තරුණයෙකුගෙන් රු.450,000 ලබා ගත් නීති විරෝධී විදෙස් රැකියා ඒජන්සි ආයතනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැටලීමකදී අදාළ නිලධාරීන් විසින් කොටු කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.