Sunday, April 28, 2024

General line - 0115112241

පොහොට්ටුව කොළඹ, කුරුණෑගල සහ පුත්තලමටත් ඇප බදී




පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද කොළඹ, කුරුණගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල පලාත් පාලන ආයතන සඳහා අද ඇප මුදල් තැන්පත් කළා.

කොළඹ දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සිදු කෙරුණ අවස්ථාවට එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් සහ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින්  අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ ඕනෑම අවස්ථාවක මැතිවරණයට මුහුණ දීමට සිය පක්ෂය සූදානම් බවයි.

එක්සත් ජාතික පක්ෂය සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ පැවැත්වූ සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එහිදී කරුණු විමසීමක් කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් ඊට පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.

මේ අතර ඡන්ද විමසීම පැවැත්වෙන සියලුම පළාත් පාලන ආයතන සඳහා ලබන 18,19,20 යන දින වලදී නාම යෝජනා භාර දීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවා.  

නිදහස ජනතා සභාව අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජී එල් පීරිස් පලාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.