Wednesday, May 1, 2024

General line - 0115112241

දකුණු කොරියාවේ හා ජපානයේ සංචාරකයින්ට චීනයෙන් සීමා




දකුණු කොරියානු හා ජපාන සංචාරකයින් සඳහා කෙටි කාලීන වීසා නිකුත් කිරීම චීනය විසින් අත්හිටුවා තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දකුණු කොරියාව සහ ජපානය විසින් චීන සංචාරකයින් සදහා සීමා පැනවීමට එකට එක කිරීමක් ලෙස චීනය මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව දකුණු කොරියාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සහ කොන්සාල් කාර්යාලය විසින් දකුණු කොරියානුවන් සදහා කෙටිකාලීන වීසා නිකුත් කිරීම අත්හිටුවා තිබෙනවා.

දකුණු කොරියාව චීන ජාතිකයින්ට පැනවූ සීමාවන් ඉවත් කිරීමට සාපේක්ෂව වීසා නිකුත් කිරීමේ කටයුතු ද යථාතයථාතත්ත්වයට පත් කරන බව චීනය සදහන් කළා. ජපානයේ ටෝකියෝ නුවර පිහිටි චීන තානාපති කාර්යාලය ද ජපන් ජාතිකයින්ට කෙටි කාලීන වීසා නිකුත් කිරීම තහනම් කළත් ඊට නිශ්චිත හේතුවක් පවසා නැහැ.