Thursday, May 2, 2024

General line - 0115112241

සුනඛ ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය පාපන්දු ක්‍රීඩකයා 




සිය නිවසේ සුරතලයට ඇති කරනු ලබන සුනඛයින් තිදෙනෙකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් හිටපු පාපන්දු ක්‍රීඩකයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙලෙස සුනඛයින් ගේ සපා කෑමට ලක්වීමෙන් මියගොස් ඇත්තේ 60 හැවිරිදි හිටපු පාපන්දු ක්‍රීඩකයෙකු වන Philemon Mulala වන අතර, ඔහු සැම්බියානු පාපන්දු කණ්ඩායම නියෝජනය කරනු ලැබූ ක්‍රීඩකයෙකු වනවා.

දකුණු අප්‍රිකාවේ, කේප් ටවුන් හි දිවි ගෙවමින් සිටි මෙම හිටපු පාපන්දු ක්‍රීඩකයා සිය නිවසේ සුරතලයට සුනඛයින් තිදෙනෙකු ඇති කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

නිවසේ සුරතලයට ඇති කරනු ලැබූ සුනඛයින් තිදෙනා අඛණ්ඩව බිරීම හේතුවෙන් ඒ ගැන විමසිලිමත්වී ඇති මෙම පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ ගෙවත්ත සෝදිසි කිරීමේදී සිය ස්වාමි පුරුෂයා බිම ඇද වැටී සිටිනවා දැක පසුව හදිසි සෞඛ්‍ය සේවාවන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

පසුව ඔවුන් පැමිණ පරික්ෂා කර බැලීමේදී එම පුද්ගලයා සුනඛයින් ගේ සපා කෑමට ලක්වීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවට අනාවරණය වී ඇත්තේ.

ඉතා අවසානාවන්ත අයුරින් ජිවිතයට සමුදුන් මෙම පාපන්දු ක්‍රීඩකයා වෙනුවෙන් දකුණු අප්‍රිකාවේ මෙන්ම සැම්බියාවේ ක්‍රීඩා ලෝලීන් සිය ශෝකය පලකිරීමට විවිධ උත්සව පවා සංවිධානය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.