Friday, April 26, 2024

General line - 0115112241

චීන නැව් හා ගුවන් යානා තායිවානය දෙසට




චීනයට අයත් යුද ගුවන් යානා 12 ක් තායිවාන සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව උල්ලංඝනය කරමින් පියාසර කළ බව තායිවානය චෝදනා කරනවා.

එමෙන්ම එම ගුවන්‍ යානා තායිවානයේ නිරිතදිග ගුවන් ආරක්ෂණ හදුනාගැනීමේ කලාපයට ඇතුළු වූ බව ද තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ට්විටර් පණිවිඩයක් තබමින් එම අමාත්‍යාංශය සදහන් කළේ ඊයේ දිනයේදී සිය රට ආසන්නයට පැමිණ චීන යුද ගුවන් යානා 31 ක් සහ නෞකා 04 ක් නිරීක්ෂණය කළ බවයි.

සිය හමුදාව චීනයේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරමින් සිටින බවත්, අවශ්‍ය මොහොතේ ප්‍රතිචාර දැක්වීම සදහා ප්‍රහාරක ගුවන් යානා, නාවික හමුදාවේ නෞකා සහ ගොඩබිම ස්ථාපිත මිසයිල පද්ධතිය සූදානම් කර ඇති බවයි තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ.

චීනය මෙලෙස ප්‍රකෝපකාරී ක්‍රියා සිදුකරමින් සිටින්නේ තායිවානය සමග දැඩි මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී ඇති පසුබිමක් තුළයි.

කෙසේවෙතත් චීනය ඉකුත්දා ප්‍රකාශ කළේ තායිවානය අර්බුදයට මැදිහත් වන විදේශීය රටවල් ගින්දර සමග සෙල්ලම් කරන බවයි.