Wednesday, April 24, 2024

General line - 0115112241

ඉන්දියාවට එරෙහි පළමු T-20 තරගයෙන් ජය නවසීලන්තයට




ඉන්දියාව සමඟ පැවති පළමු 20යි 20 ක්‍රිකට් තරඟය ලකුණු 21කින් ජය ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 176ක්. ඩැරල් මිචෙල් නොදැවී ලකුණු 59ක් රැස් කළා. ඩෙවොන් කොන්වේ ලකුණු 52යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 155ක් පමණයි.

වොෂිංටන් සුන්දර් පන්දු 28කදී ලකුණු 50ක් සහ සූර්ය කුමාර් යාදෙව් පන්දු 34කදී ලකුණු 47ක් රැස් කළද සෙසු ක්‍රීඩකයින්ට ලකුණු 21 සීමාව පසු කර යෑමට නවසීලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

දෙරට අතර දෙවන 20යි 20 ක්‍රිකට් තරඟය හෙට ලක්නව් හිදී ආරම්භ වීමට නියමිතයි.