Saturday, April 27, 2024

General line - 0115112241

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන එන නීතිය සකස් කිරීම අවසන් අදියරේ




ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කොමසාරිස් කාර්යාලයේ 42 වන සැසිවාරය වෙත ශ්‍රී ලංකාව පිළිබඳ “විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව” අද ඉදිරිපත් කෙරුණා.

ඒ, ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණාතිලක විසින්. 75 වැනි නිදහස් සංවත්සරය හේතුවෙන් එම සැසියට සහභාගි නොවූ විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබි්‍ර වීඩියෝ ප්‍රකාශයක් මගින් මෙරට සමාලෝචනය ඉදිරිපත් කළ බවයි විදේශ අමාත්‍යංශය පැවසුවේ. 

එහිදී අමාත්‍යවරයා පැවසුවේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට නව ජාතික ආරක්ෂක නීතියක් සකස් කිරීම අවසන් අදියරට පැමිණ ඇති බවයි. විශ්ව කාලාන්තර සමාලෝචන ක්‍රියාවලිය යටතේ ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබි්‍ර එහිදී අදහස් පළ කර තිබෙනවා.