Tuesday, February 4, 2025

General line - 0115112241

කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තය නව මාවතකට ගෙන යෑමේ සුදානමක්




කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තය අපනයන කර්මාන්තයක් බවට පත්කිරීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩගේ  පවසනවා. ඒ සඳහා කර්මාන්තයේ නියුතු සියලුදෙනා සාමුහික එකඟතාවකින් එහි උන්නතියට කැපවනු ඇතැයි ජනාධිපතිවරයා අපේක්ෂා කරන බවයි ඔහු පැවසුවේ.  

ඒ, කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ මතුව ඇති ගැටලු පිළිබඳ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද පැවති සාකච්ඡාවකදීයි. ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩගේ  ප්‍රධානත්වයෙන් පැවත‘ එම සාකච්ඡාවට කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ නිරතවූවන් සහ ඊට අදාළ රේඛීය ආයතනවල නිලධාරීන් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එහිදී සත්ව ආහාර හිඟය, අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම, ඉන්ධන අර්බුදය, ප්‍රවාහන ගැටලු, ආනයනය කරන සත්ව ආහාර සඳහා පවතින විදේශ විනිමය ගැටලු හා ඒවාට ලබාගත හැකි විසඳුම් පිළිබඳ අවධානයද යොමු කර තිබෙනවා.                                                                                                                                                                                                                       මෙම කර්මාන්තයට සම්බන්ධ සියලූ පාර්ශවයන් සාමූහික එකඟතාවකට පැමිණීමෙන්  කර්මාන්තයෙහි පවතින බහුතරයක් ගැටලු විසඳාගත හැකි බවයි ආචාර්ය සුරේන් බටගොඩ එහිදී පැවසුවේ. එම තත්ත්වය යටතේ බිත්තර හා කුකුළු මස් නිෂ්පාදනවල  මිල ගණන් තීරණය කිරීමට  හැකියාව ලැබෙන බවද ඔහු එහිදී පෙන්වා දුන්නා.

එම සාකච්ඡාවේදී කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සාමුහික එකඟතාවකට එළඹීමට කැමැත්ත පල වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.