අතීතය දෙස බලා සැමරූ නිදහස් දිනයන් වෙනුවට මෙවර අප නිදහස සමරන්නේ යහපත් අනාගත බලාපොරොත්තු පිළිබඳ එකාවන්ව සිහින දකින මොහොතක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
77 වන ජාතික නිදහස් දින උළෙලේදී ජාතිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
නිදහස වෙනුවෙන් දිවිදුන් සහ කැප කිරීම් කළ සුවහසක් වීරෝධාර මිනිසුන්ට ආචාරය පුද කරන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.
නූතන පුරවැසියන් ලෙස රට තුළ ජීවත් වීමට අවශ්‍ය නිදහස නිර්මාණය කිරීම වෙනුවෙන් එක්ව යා යුතු ගමනක් ඇති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතමින් කියා සිටියා.
මාතෘභූමිය වෙනුවෙන් තවදුරටත් සිදුකල යුතු නිදහස් අරගලයක් පවතින බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.