Tuesday, February 4, 2025

General line - 0115112241

ලෝක විවාහක රූ රැජින තරගාවලියේ දෙවන තැන දිනූ අමන්දා දිවයිනට

ටී කේ ජී කපිල




අමෙරිකාවේ ලාස්වේගාස් නුවර පැවති 40 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී, එම තරගාවලියේ අනූශූරතාවය හිමි කර ගත් ඉෂාදි අමන්දා අද උදෑසන මෙරටට පැමිණියා. 

දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර් - 658 දරන ගුවන් යානයෙන් අද අලුයම 01.55 ට පමණ ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

ඉෂාදි අමන්දා සමඟ මෙම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු රුක්මාල් සේනානායක යන මහත්වරු මෙරටට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ඉෂාදි අමන්දා පිළිගැනීම සඳහා ගුවන්තොටුපලේදී විශේෂ උත්සවයක් ද සංවිධානය කර තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ලොව රටවල් 40 ක විවාහක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත් වුණේ ඉකුත් ජනවාරි 30 වනදායි.