Friday, April 26, 2024

General line - 0115112241

රටේම තියෙන අලුත් තාක්ෂණය දුම්රිය දෙපාර්තමේන්තුවට නැහැ - මගීන් දුෂ්කරතා රැසක




නව තාක්ෂණය මිනිසාගේ බොහෝ ක්‍රියාකාරකම් පහසු කර ඇතත්, දුම්රිය දෙපාර්තමේන්තුවට නව තාක්ෂණය ලැබීමේ ප්‍රමාදයන් හේතුවෙන් මගීන් අපහසුතාවට පත්වන අවස්ථා තවදුරටත් වාර්තා වනවා. නෙත් නිවුස් ඇමතූ දුම්රිය මගීන් පවසන්නේ දුම්රිය මාසික වාර ප්‍රවේශ පත්‍රය ලබාගැනීමේදී පවා තවමත් එහි ඡායාරූප සාම විනිසුරුවරයෙකුගෙන් සහතික කර ගැනීමට සිදුවන බවයි. එය කාලය අපතේ යැවීමක් බව දුම්රිය මගීන්ගේ අදහසයි.

විදෙස් විභාග ඇතුළු බොහෝ තීරණාත්මක කටයුතු සඳහා අන්තර්ජාලය ඔස්සේ ඉල්ලුම් කිරීමට අවස්ථාව පවතිද්දී මෙවැනි පහසු ක්‍රියාවක් පවා තවමත් පැරණි ක්‍රමයට සිදුවීම කණගාටුදායක බව දුම්රිය මගීන් පවසනවා. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් ක්ෂේත්‍ර සඳහා නව තාක්ෂණය හඳුන්වාදීමේ මන්දගාමී බවක් ඇති බවයි. එහෙත් ඉදිරියේදී සකස් කර ඇති නව සැලසුමට අනුව දුම්රිය මාසික වාර ප්‍රවේශපත්‍රය පමණක් නොව අන් සියලු සේවා අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට හැකි වන බව ඔහු පැවසුවා. 

මෙලෙස දුම්රිය වාර ප්‍රවේශපත්‍රය ලබා ගැනීමේදී ඊට සාම විනිසුරුවරයෙකුගේ හෝ පිළිගත් රජයේ නිලධාරියෙකුගේ අනුමැතිය අවශ්‍ය වන්නේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට පමණයි. එලෙස අනුමැතිය අවශ්‍ය වන්නේ එක් අවස්ථාවකදී පමණක් බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.