Friday, May 10, 2024

General line - 0115112241

13 බලගැන්වීමට ඉඩ නොදෙන බවට මහා සඟ රුවණින් ප්‍රතිඥා




13 වන සංශෝධනය බලාත්මක කිරීමට ජනාධිපතිවරයා ඡන්දයකට ගොස් ජන වරමක් ලබාගත යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා. 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට එරෙහිව පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති විරෝධතාවකට එක්වෙමින් උන් වහන්සේ මේ බව කියා සිටියා.

මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් ද එහිදී අදහස් පළ කළා.

13 වන සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට එරෙහි විරෝධතා පාගමන අද පෙරවරුවේ ආරම්භ වුණේ කෝට්ටේ පැරකුම්බා පිරිවෙන අසලින්. ඊට එක්ව සිටි භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් එක්ව සිටි අතර උන්වහන්සේලා පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට වැඩම කිරීමට උත්සහ කළා.  

එහෙත් පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයෙන් ඉදිරියට වැඩම කිරීමට එම විරෝධතාවයට එක්ව සිටි භික්ෂූන් වහන්සේලාට පොලීසිය ඉඩ ලබාදුන්නේ නැහැ. ඒ හේතුවෙන් එහි උණුසම් තත්ත්වයක් ද ඇති වුණා.