Tuesday, May 7, 2024

General line - 0115112241

තුර්කියෙන් ඉන්දියාවට පැසසුම්




දරුණු භූ කම්පනයක් හමුවේ විපතට පත්ව සිටින සිය තුර්කියට ඉන්දියාව ලබාදෙන සහයෝගය ප්‍රශංසනීය බව ඉන්දියාවේ තුර්කි මහ කොමසාරිස් Firat Sunel පවසනවා.

මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහන කණ්ඩායම් තුර්කිය වෙත පිටත්කර හැර සහන මෙහෙයුම් සඳහා ඉන්දියාව ලබාදෙන සහයෝගය අගය කරන බවයි ඔහු පවසන්නේ.

භූ කම්පනයන් පිළිබඳ වාර්තා වූ වහාම ඉන්දීය  අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ උපදෙස් පරිදි රැස්වූ ජාතික ආපදා ප්‍රතිචාර බලකාය අවශ්‍ය කටයුතු සම්පාදනය කළ බවත්, අනතුරුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ද මැදිහත්වීම මත තුර්කියට සහන රැගත් ගුවන්‍යානා පිටත් කර හැරි බවත් තානාපතිවරයා සඳහන් කළා.

මෙම අසීරු අවස්ථාවේදී ඉන්දියාව ලබා දෙන උදව් මහත් සහයෝගයක් බවයි ඉන්දියාවේ තුර්කි තානාපතිවරයා සඳහන් කළේ.

ඉන්දියාව මේවනවිට තුර්කිය වෙත ගුවන් යානා 06 ක් පිටත් කර ඇති අතර සහන කණ්ඩායම් හා වෛද්‍ය කණ්ඩායම් ද ඒ හරහා තුර්කිය වෙත යොමු කර අවසන්.