Tuesday, May 7, 2024

General line - 0115112241

අන්තර් දෙපාර්තමේන්තු පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව බන්ධනාගාර දෙපාර්තමේන්තු කණ්ඩායමට




අන්තර් දෙපාර්තමේන්තු පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තු කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ, අවසන් මහා තරගයේදී පොලිස් දෙපාර්තමේන්තුව පරදා ලකුණු 20 කින් ජය ගනිමින්.

පොලිස් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් බන්ධනාගාර කණ්ඩායම කඩුළු 9 ක් දැවී ලකුණු 187 ක් රැස් කළා.

ජයග්‍රාහී ලකුණු 188 ක ඉලක්කයක් හඹා යාමට පිටිය පිවිසි පොලිස් දෙපාර්තමේන්තු කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කීරීමට හැකි වුයේ ලකුණු 167 ක් පමණයි.

ඒ අනුව කොළඹ පැවති ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධාන කළ සීමිත පන්දුවාර  ක්‍රිකට් තරගාවලියේ ජය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට හිමි වුණා.