Thursday, April 25, 2024

General line - 0115112241

මාස 06 ක් තුළ විදුලි ගාස්තු සියයට 145 කින් ඉහළ දමා ඇති බවට ව්‍යවසායකයින්ගෙන් චෝදනා




මාස 06 ක් තුළ විදුලි බිල සියයට 145 කින් ඉහළ දමා ඇති බව දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාව පවසනවා.

එහි සභාපති මහේන්ද්‍ර පෙරේරා, ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් පැවසුවේ ඒ හරහා නිෂ්පාදිත පිරිවැය ඉහළයාම හේතුවෙන් භාණ්ඩ අලෙවිය ද පහත වැටීම මත ලක්ෂ 50 කට ආසන්න සේවකයින්ට ද එහි බලපෑම එල්ලවන බවයි.

සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වසර තුනක සිට විවිධ අභියෝගයන්ට මුහුණදී සිටින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.