Wednesday, May 1, 2024

General line - 0115112241

රටේ ළමා පරපුර අලුත් අවදානමක




ගෝලීය ස්ථූලතාවය වැළැක්වීමේ දිනය අදට යෙදී තිබෙනවා. ”දැනුවත් වෙමු - ස්ථුලතාවයෙන් මිදෙමු” මෙවර එහි තේමාවයි. ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමයේ මහාචාර්ය, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ පැවසුවේ ළමා කාලයේදී ස්ථුලභාවයට පත්වන සියයට 75 කට වැඩි පිරිසක් වැඩිහිටියන් වූ විට ස්ථුලතාවයට පත්වන බවයි.

දියවැඩියාව, හෘද රෝග සහ අංශභාගය ඇතිවන වයස් සීමාව මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින් ඇති බවද ඔහු පැවසුවා.

ළමා පරපුර අතර ස්ථුලභාවය වැඩිවීමට ප්‍රධාන හේතුව කුමක්ද ?

හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් පැවසුවේ ස්ථුලතාවය වැඩිවීම හමුවේ හෘද රෝග අවදානම ද වැඩිවන බවයි.

මේ අතර ලෝක ස්ථුලතා සම්මේලනය ඊයේ අනතුරු අඟවා සිටියේ නිසි පියවර නොගතහොත් 2035 වන විට ලෝක ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසක් අධික බර හෝ තරබාරු විය හැකි බවයි.