Tuesday, April 30, 2024

General line - 0115112241

පුංචි ඡන්දය ගැන තීරණයක් ගන්න මැතිවරණ කොමිසම 7වනදා යළි රැස් වෙයි




පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කොමිසමේ සාමාජිකයන් ලබන 07 වනදා රැස්වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

එම සාකච්ඡාවට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයා කැඳවා තිබෙනවා. පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය පිළිබඳ තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිසම ඊයේ දිනයේද රැස්වුණා. එහිදී තීරණය වූයේ මැතිවරණය පවත්වන දිනය මාර්තු 09වනදාට පෙර ප්‍රකාශයට පත් කිරීමටයි. 

පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙන අයවැය තුළින් 2023 වසරේ මැතිවරණ කටයුතු සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ නීතිපතිවරයා වෙත ඊයේ තහනම් නියෝගයක් නිකුත් කළා.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණාත්මක සාධකයක් වනු ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පැවසුවේ.