Tuesday, April 30, 2024

General line - 0115112241

උසස් පෙළ ප්‍රතිඵල දෙන්න තවත් කල් ගතවන ලකුණු




අපොස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමට පරීක්ෂකවරුන් වෙත දෛනික දීමනාව රුපියල් 3,000ක් දක්වා ඉහළ දමන ලෙස ගුරු සංගම් පවසනවා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවට අනුමත වූ රුපියල් 2,000 දෛනික දීමනාව ප්‍රමාණවත් නොවන බවයි. 

කෙසේ වෙතත් අපොස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම සඳහා පරීක්ෂකවරුන් බඳවා ගැනීමට විභාග දෙපාර්තමේන්තුව නැවත අයදුම්පත් කැඳවා තිබෙනවා.

ඒ අනුව මාර්තු 08 වනදා දක්වා ඔන්ලයින් ඔස්සේ පරීක්ෂකවරුන් බඳවා ගන්නා බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. ඇගයීම් කටයුතු ආරම්භ වීම ප්‍රමාද වුවහොත් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමද ප්‍රමාදවීමට ඉඩ ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.