Tuesday, April 30, 2024

General line - 0115112241

පොලි අනුපාතික ඉහළ දැම්මාට IMF ප්‍රසාදය




පොලි අනුපාතික ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් පියවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රසංශාවට ලක් කර තිබෙනවා. එලෙස පොලි අනුපතිකය ඉහළ දැමීම උද්ධමනය වඩාත් කඩිනමින් සහ ස්ථිරව තනි ඉලක්කම් ඉලක්කය කරා අඩු කිරීමට ඇති කැපවීම එමඟින් පෙන්නුම් කරන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ. 

මහ බැංකුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ඉහළ දැමීම සිදු කළේ ඊයේ දිනයේදීයි. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 15 යි දශම 5 යි බිංදුවක් දක්වා ඉහළ යනු ඇති. නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 16 යි දශම 5 ක් දක්වා වැඩිකර ඇති බවයි මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ එම සාකච්ඡාව සූම් ඔස්සේ  පැවත‘ි බවයි. ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ජා කර තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් ධනාත්මක සහ සුබවාදී පසුබිමක් ඊට අදාළ සියලු පාර්ශව වෙතින් නිර්මාණය වෙමින් පවතිනවා. පසුගියදා චීන අග්‍රමාත්‍යවරයා සමඟ පැවති සාකච්ජාවෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය ජනාධිපතිවරයා සමඟ මෙම සාකච්ඡාවට එක්වීම විශේෂත්වයක්.

එමෙන්ම “බ්ලූම්බර්ග්” පුවත් සේවය පසුගියදා වාර්තා කර තිබුණේ ණය අර්බුදයට ලක්ව ඇති රාජ්‍යයන් වෙත අර්ථවත් අන්දමින් දායක වීම සඳහා බහුපාර්ශ්වික ප්‍රයත්නයන්ට සහභාගී වීමට චීනය විවෘතව සිටින බව චීන අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරියට පවසා ඇති බවයි.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය වැනි ණය බරින් පීඩිත රටවලට ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට එළඹීමට අවශ්‍ය කටයුතු සලසන බව එහි වැඩිදුරටත් සඳහන්ව තිබුණා.