Tuesday, May 7, 2024

General line - 0115112241

චීන පොලිස් ස්ථාන අමෙරිකාවටත් හිසරදයක් වෙයි




අමෙරිකාව තුළ චීන රජය විසින් පවත්වාගෙන යනු ලබන බව කියන පොලිස් ස්ථාන සම්බන්ධයෙන් කරුණු විමසා අමෙරිකානු  නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ තේරීම් කමිටුවේ සභාපති Mike Turner එරට ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් වේ වෙත ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වනවා.

එම කමිටුවේ රිපබ්ලිකන් පක්ෂ සභාපති, නියෝජිත මයික් ගැලගර් පවසන්නේ අදාළ පොලිස් ස්ථාන හරහා චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය අමෙරිකානු පුරවැසියන්ගේ සහ අමුත්තන්ගේ  අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි.

මීට පෙර FBI ක්‍රිස්ටෝපර් වේ අමෙරිකානු  කොංග්‍රසයට ප්‍රකාශ කර තිබුණේ බීජිං පාලනය අමෙරිකාව තුළ අනවසර පොලිස් ස්ථාන පිහිටුවීම ගැන තමන් දැඩි ලෙස අවධානය යොමු කර ඇති බවයි.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් FBI නිලධාරීන් ආරම්භ කර ඇති විමර්ශන සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමට ඔහු කටයුතු කර තිබුණේ නැහැ.

එහෙත් චීන පොලිස් ස්ථාන සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ මන්දගාමී බවට අමෙරිකානු බුද්ධි අංශ වෙත චෝදනා එල්ල වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.