Saturday, April 27, 2024

General line - 0115112241

මිලියන 550ක ඡන්ද වැඩ අතරමග හිරවෙයි




පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුද්‍රණ කටයුතු ඇතුළු තවත් වැඩ 2,500ක් රජයේ මුද්‍රණාලයේ සිර වී ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපතිණී ගංගානි කල්පනී ලියනගේ පවසනවා. ඒ, නෙත් නිවුස් සමඟ විශේෂ සංවාදයකට එක් වෙමින්. එම වැඩ නිම කිරීම සඳහා රුපියල් මිලියන 533ක් අවශ්‍ය බවයි ඇය පැවසුවේ. 

මුදල් නොලැබීම හේතුවෙන් පොලිස් ආරක්ෂාව මෙතෙක් ඉල්ලා නොසිටි බවයි රජයේ මුද්‍රණාලයාධිපතිණිය පැවසුවේ.  

අවශ්‍ය මුදල් ලබාදුන්නද ලබා දුන් දිනයේ සිට සියලු ඡන්ද පත්‍රිකා මුද්‍රණයට දින 33 ක් ගතවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.