Thursday, May 2, 2024

General line - 0115112241

රට ජයග්‍රහණයේ මාවතකට ගෙන එන බව ජනපති කියයි




අඛණ්ඩව ලැබූ පරාජයන් හමුවේ ජයග්‍රහණය ලබාගත් කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම මෙන් ශ්‍රී ලංකාව ද ජයග්‍රහණයේ මාවතකට ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සියලු තරග පරාජය වෙමින් තිබූ අවස්ථාවක ජයග්‍රහණය අත්කර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේ නිවැරදි නායකත්වය හේතුවූ බවයි 32 වන ඉන්ටරැක්ට් දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ. තමන්ගේ උත්සහය වන්නේ ද ක්‍රිකට් කණ්ඩායමේ නායකයා මෙන් පරාජය වූ රට ජයග්‍රහණයේ මාවතකට ඔසවා තැබීම බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. 

ඉදිරි වසර 02 තුළ දියුණු වන රටක්, සියලුදෙනාට දැකබලා ගත හැකි බවත්, කලාපයේ වඩාත්ම සෞභා්‍යමත් රට බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීම සඳහා අද දවසේ ආර්ථීකය ස්ථාවර කිරීම ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා ආර්ථිකය ගෙඩනැගීම ද සිදුකළ යුතු බවයි ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ. 

2048 වසර වනවිට සෞභාග්‍යමත් රටක් බවට පත් කිරීමේ 25 වසරක සැලැස්ම මේවනවිටත් ක්‍රියාවට නංවා ඇති අතර එය සාර්ථක කර ගත හැක්කේ වත්මන් තරුණ පරපුරේ කැපවීම මත බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. 

කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, විශාඛා විද්‍යාලයෙ සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලය යන විද්‍යාල විසින් සංවිධාන කරන ලද මෙම සමුළුව සඳහ දිවයින පුරා පාසල් රැසක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 700 ක් පමණ එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී එම උත්සවය පැවැත්වුණා.