Thursday, May 2, 2024

General line - 0115112241

පස්සර - ලුණුගල මාර්ගයේ මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී පුද්ගලයෙක් මරුට

පාලිත ආරියවංශ




පස්සර - ලුණුගල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදි මෝරටර් රථයක් ප්‍රපාතයකට පෙරළි එහි ගමන්ගත් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි වියේ පසු වූ ගුරුවරයෙක්.

අනතුරට පත් වූ මෝටර් රථය අඩි 60ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර මෙම අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේදී මීට වසර දෙකකට පෙර බස් රථයක් ප්‍රාපාතයකට පෙරළී පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොසේ ඇති බව නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළා.