Sunday, April 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා එක්දින පිළේ අවසන් දොරටුව හෙට




මේ වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සෘජුව සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඇති අවසන් අවස්ථාව හෙට උදාවනවා. එය නවසීලන්තයට එරෙහි එක්දින තරඟාවලියයි.

දෙරට අතර තරඟාවලියට තරඟ 03 ක් ඇතුලත්. ශ්‍රී ලංකාව මෙම තරඟ තුනම ජයගතහොත් ඔවුන්ට එළඹෙන එක්දින ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබාගැනීමට අවස්ථාවක් උදාවනු ඇති.

කෙසේවෙතත් දකුණු අප්‍රිකාව හා නෙදර්ලන්තය අතර පැවැත්වෙන එක්දින තරඟාවලියේ ප්‍රතිඵල ද ශ්‍රී ලංකාවේ තීරණයට බලපාන බවයි ක්‍රිකට් වාර්තා පෙන්වා දෙන්නේ. ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව පසුවන්නේ දසවන ස්ථානයේයි. දකුණු අප්‍රිකාව 09 වන ස්ථානයේ පසුවනවා. 

මේ අතර වසර දෙකකට පසු ඇන්ජලෝ මැතිව්ස් හෙට තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි. බොහෝදුරට නවක ක්‍රීඩක නුවනිඳු ප්‍රනාන්දු ද හෙට තරඟයේදී එක්දින කණ්ඩායමට එක්වනු ඇති බවයි වාර්තා පළ වන්නේ.