Sunday, April 28, 2024

General line - 0115112241

හදිසියේ කල් ගිය ගුරු විභාග ගැටළුව යළි අධිකරණයට




හදිසියේ අත්හිටවූ හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවය බදවා ගැනීමේ තරඟ විභාගය කඩිනමින් පැවැත්වීම සඳහා කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඒ, පාර්ලිමේන්තුවේදී අද අදහස් දක්වමින්.

හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවය බදවා ගැනීමේ තරඟ විභාගය නොපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව ඊයේ දැනුම්දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මතයි.

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංගීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා මෙම විභාගය පැවැත්වීමට නියමිතව තිබුණා.