Sunday, April 28, 2024

General line - 0115112241

IMF බිම් බෝම්බයක් - විපක්ෂය දැන් කියයි




ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාවට නැංවීමට රට තුළ ජනවරමක් නොමැති බව සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කළේ ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

මේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර.

මේ අතර රාජ්‍ය ව්‍යවසායන් 07ක රජය සතු කොටස් අයිතිය පැවරීමට අනුමැතිය හිමිව ඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඇතුළු ශ්‍රී ලන්කන් කේටරින් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, කොළඹ - ග්‍රැන්ඩ් හයට් හෙවත් කැන්විල් හෝල්ඩින්ග්ස් සමාගම, කොළඹ හිල්ටන් හෝටලය, ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සහ ලංකා හොස්පිටල් එම රාජ්‍ය ව්‍යවසායන් 07 යි.