Thursday, May 2, 2024

General line - 0115112241

පාකිස්තාන මුදල් ඇමති අධිකරණ තීන්දුවක් සමඟ ගැටෙයි




හදිසියේ ප්‍රාන්ත මැතිවරණයක් පැවැත්වීම මේ මොහොතේ පකිස්තානයේ ජාතික අවශ්‍යතාවක් නොවන බව එරට මුදල් අමාත්‍ය ඉෂාක් ඩාර් පවසනවා. මේ මොහොතේ පකිස්ථානය මුහුණ පා සිටින ආර්ථික අර්බුදය සහ ආරක්ෂක තත්ත්වය වඩාත් සැලකිල්ලට ගත යුතු බවයි ඔහු පවසන්නේ.

ඔහුගේ මෙම ප්‍රකාශය පකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එරට ප්‍රාන්ත 02 ක මැතිවරණය අනිවාර්ය කරමින් ලබා දුන් නියෝගය ප්‍රතික්ෂේප කිරීමක් බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ හමුවේ ව්‍යවස්ථාමය අර්බුදයක අවදානමක් ද මතු වන බවයි දේශපාලක විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

පන්ජාබ් සහ කයිබර් පක්තුන්ක්වා යන ප්‍රාන්තවල මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට රුපියල් බිලියන 20ක මුදලක් මුදා හරින ලෙයසි පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත්දා එරට රජයට නියෝග කළේ.