Thursday, May 2, 2024

General line - 0115112241

අමෙරිකානු යුද නෞකාවක් දකුණු චීන මුහුදට




අමෙරිකානු නාවික හමුදාව විසින් දකුණු චීන මුහුදේ මතභේදාත්මක දූපතක් ආසන්නයට යුද නෞකාවක් යොමු කර තිබෙනවා. ඒ එම මුහුදු කලාපයට අයිතිය කියා පෑම සඳහා චීනය සිය හමුදාවන් අදාළ කලාපය තුළ ස්ථානගත කර ඇති පසුබිමක් තුළයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ අමෙරිකානු නාවික හමුදාවට අයත් මිසයිල නාශක නෞකාවක් එලෙස දකුණු චීන මුහුදු කලාපය වෙත යාත්‍රා කරමින් ඇති බවයි.

එමෙන්ම අමෙරිකානු යුද නෞකාවක් එලෙස චීන මුහුදු කලාපයට පැමිණෙන්නේ අමෙරිකාව පදනම් කර ගනිමින් චීනය හා තායිවානය අතර මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී ඇති පසුබිමක් තුළ වීම ද විශේෂත්වයක්.

ඊට ප්‍රතිචාර වශයෙන් චීනය සජීව පතරොම් සහිතව දින 03 ක් පුරා තායිවානය අවට ගුවන් සීමාවේ සහ මුහුදු කලාපය තුළ හමුදා අභ්‍යාසයක ද නිරත වුණා.

මුහුදු සම්මුතියට අනුව අදාල නෞකාව නීත්‍යානුකූල සාමාන්‍ය මෙහෙයුම් වල නිරත වන බව අමෙරිකාව පැවසුවා. කෙසේවෙතත් චීනය පවසන්නේ දකුණු චීන මුහුදේ දූපත් සහ ඒ අවට ජලය සම්බන්ධයෙන් චීනයට අවිවාදිත අයිතියක් පවතින බවයි.