Sunday, May 5, 2024

General line - 0115112241

චීනය, තායිවානයේ ගුවන් කලාපයක් වසයි




තායිවානයට උතුරු දිග ගුවන් කලාපය ගුවන් පියාසර කටයුතු සඳහා තහනම් කලාපයක් කරන බව චීනය පවසනවා. එම තහනම ලබන සතියේ දින 03 ක කාලයක් ක්‍රියාත්මක බවයි චීනය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

චීනය ඒ බව තායිවානය වෙත ද දැනුම් දී ඇතැයි තායිවානයේ ප්‍රවාහන අමාත්‍යාංශය ද නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

චීනය පවසන පරිදි ලබන 16 වනදා සිට 18 වනදා දක්වා දිනකට පැය 05 ක කාලයක් අදාළ ගුවන් කලාපය වසා දැමෙනවා. එම කාලය තුළදී චීනය අදාල ගුවන් කලාපය තුළ චන්ද්‍රිකා දියත් කිරීමක් ඇතුළු ක්‍රියාකාරකම් සිදු කල හැකි බවයි තායිවානය පවසන්නේ.

චීනයේ එම කටයුතු සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරන බව ද තායිවානය පැවසුවා. චීනය මෙලෙස තායිවානයට ගුවන් සීමා පනවන්නේ තායිවානය වට කර දින 3ක හමුදා අභ්‍යාස මාලාවක් සිදු කිරීමෙන් ද අනතුරුවයි.

චීනයේ විරෝධය නොතකා තායිවාන ජනාධිපති සායි ඉන්ග් වෙන්, අමෙරිකානු කතානායක කෙවින් මැකාති හමුවීම සම්බන්ධයෙන් එකට එක කිරීමක් වශයෙන් චීනය දිගින් දිගටම තායිවානයට බලපෑම් එල්ල කළා.