Sunday, May 5, 2024

General line - 0115112241

රාමසාන් සමයේදී පකිස්තාන වැසියන්ට තිරිගු පිටි බෙදාදීම  අර්බුදයක




පවතින ආර්ථික හා දේශපාලන අර්බුධ මධ්‍යයේ පීඩාවට පත්ව සිටින පකිස්ථාන ජනතාවට එරට රජය මඟින් ක්‍රියාත්මක කර ඇති නොමිලේ තිරිඟු පිටි බෙදා දීමේ වැඩසටහනට බාධා එල්ල වෙමින් තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ එලෙස ජනතාවට බෙදා හැරීමට ගෙන එන තිරිඟු පිටි තොග කඩාකප්පල්කාරී කණ්ඩායම් විසින් පැහැර ගෙන යන බවයි. පකිස්ථානයේ ප්‍රදේශ කිහිපයකින්ම එවැනි සිදුවීම් වාර්තා වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

මේ අතර, එලෙස නොමිලේ තිරිඟු පිටි බෙදා හරින ස්ථානවල දිගු පෝලිම්ද පවතින බවයි වාර්තා වන්නේ. ඇතැම් ස්ථානවල තෙරපීම්ද වාර්තාවන අතර පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇතැයිද වාර්තාවනවා.

ආර්ථික අර්බුදය හා විදේශ විනිමය අර්බුදය හමුවේ පකිස්ථානය ආහාර අර්බුදයකට මුහුණ දී සිටින්නේ රාමසාන් උපවාස කාලය තුළදීයි.