Thursday, May 2, 2024

General line - 0115112241

සුඩාන ගැටුම් දරුණු වෙයි - රාජ්‍ය තාන්ත්‍රිකයින්ටත් ප්‍රහාර




සුඩානයේ රජයේ හමුදාවන් සහ නිල නොවන හමුදා කණ්ඩායම් අතර පවතින ගැටුම් තවදුරටත් දරුණු මුහුණුවරක් ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ කාටුම් අගනුවර යුද පිටියක උණුසුම ගෙන ඇති බවයි.

අගනුවරට ගුවන් ප්‍රහාර මෙන්ම ශෙල් ප්‍රහාර එල්ල වෙමින් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. සුඩානයේ ගැටුම් හමුවේ මේවනවිට මියගොස් ඇති පුද්ගලයින් ගණන 200 කට ආසන්නයි.

තුවාල ලැබූ පිරිස 1800 ඉක්මවා තිබෙනවා. 

ගැටුම් උත්සන්නවීමත් සමග සුඩානයේ සිටින විදේශිකයින් පවා ප්‍රහාරවලට ලක්ව ඇති අතර මේවනවිට එරට සිටින රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට පවා ප්‍රහාර එල්ල වෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම වාර්තා පවසන පරිදි සුඩානයේ කාටුම් අගනුවරදී එරට යුරෝපා සංගමයේ තානාපති අයිඩන් ඔහාරාට ද ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

තානාපතිවරයාට එම ප්‍රහාරය එල්ල වී ඇත්තේ කාටුම් අගනුවර පිහිටි සිය නිවසේදීයි.

අයර්ලන්ත ජාතිකයෙකු වන ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි අයර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ.

කෙසේ වෙතත් සුඩානය රාජ්‍ය තාන්ත්‍රිකයින් ආරක්ෂා කිරීමේ වගකීම බරපතල ලෙස උල්ලංඝණය කර ඇති බවයි ඔවුන් අයර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ.