Thursday, May 2, 2024

General line - 0115112241

තල්දෙන පුනුරුත්තාපන මධ්‍යස්ථානයෙන් පලා ගිය සියලු රැඳවියන් අත්අඩංගුවට




තල්දෙන පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගිය සියලු රැඳවියන් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. රාමසාන් උපවාසයේ යෙදී සිටි රැඳවියන් 09 දෙනෙකු ඊයේ අලුයම එම පුනුරුත්තාපන මධ්‍යස්ථානයෙන් පළා ගියා.

කෙසේ වෙතත් ඔවුන්ගෙන් රැඳවියන් දෙදෙනෙක් කෙටි වේලාවක් තුළ බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. බන්ධනාගාර හා පොලිස්  නිලධාරීන් සිදුකළ අඛණ්ඩ මෙහෙයුම්වලදී තවත් රැඳවියන් 4 දෙනෙකු ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවසුවේ.

තල්දෙන පුනරුත්ථාපන මධ්‍යස්ථානය අවට තිබෙන වනාන්තර ප්‍රදේශයේ සැඟව සිටි සෙසු රැඳවියන් තිදෙනා ද අද අලුයම අත්අඩංගුවට ගත් බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.