Thursday, May 2, 2024

General line - 0115112241

අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැගත් රථ පෙළකටත් සුඩානයේදී ප්‍රහාරයක්




සුඩානයේ පවතින ගැටුම් සම්බන්ධයෙන් අමෙරිකාවේ දැඩි අවදානය යොමුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් රැගත් රථ පෙළක් ද ප්‍රහාර මාලාවකට මැදිවී ඇති බවයි.

කෙසේවෙතත් එහිදී එම රථවල ගමන් කරමින් සිටි කිසිඳු අමෙරිකානු නිලධාරියෙකුට අනතුරක් සිදුව නොමැති බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කළේ.

මෙම සිද්ධිය වාර්තා වන්නේ යුරෝපා සංගමයේ  සුඩානයේ තානාපතිවරයා  ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වීමෙන් පසුවයි.

සුඩානයේ හමුදාව සහ නිල නොවන සන්නද්ධ කණ්ඩායමක් අතර දින කිහිපයක් පුරා පවතින ගැටුම් හේතුවෙන් 200 කට ආසන්න පිරිසක් මියගොස් 2000 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.